32 C
Colombo
Saturday, March 25, 2023

ආසිරි රෝහල් ජාලය ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර සේවාව ඉහළ නංවමින් තම පියවි සෛල රසායනාගාරය වැඩිදියුණු කරයි

- Advertisement -

ඇට මිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර සේවාව සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනල තම පියවි සෛල (Stem Cell) රසායනාගාරය නවීන තාක්ෂණය යොදාගනිමින් වැඩිදියුණු කිරීමට ආසිරි රෝහල් ජාලය පසුගියදා පියවර ගත්තේය.

ශ්‍රී ලංකාව තුළ ඇති නවීනතම පියවි සෛල රසායනාගාරය වන මෙය හරහා බොහෝ රෝගීන්ගේ, විශේෂයෙන්ම ළමුන්ගේ ජීවිත බේරාගැනීමට වැඩි අවස්ථාවක් උදාවී තිබේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඇටමිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුල්වරට ආරම්භ කරන ලද්දේ ද ආසිරි රෝහල් ජාලය විසින් වර්ෂ 2014දී ය.

එසේ ආරම්භ වුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළින් ක්‍රමානුකූලව දරුණු රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන්ට පවා ප්‍රතිකාර සැපයීමේ හැකියාව උදාවිය.

වර්තමානය වනවිට එය හරහා දෙස් විදෙස් රෝගීන් 60කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතරල එම ප්‍රතිකාරවල සාර්ථකත්වය 98%ක් තරම් ඉහළ මට්ටමක පැවතීම ද විශේෂත්වයකිග අඛණ්ඩව ප්‍රමිතීන් පවත්වාගෙන යන ආසිරි ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට JCI (Joint Commission International) ප්‍රතීතන සහතිකය ද හිමිව තිබේ.

මෙම ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින්ල ලියුකේමියාවල ලිම්ෆෝමාවල මයලෝමා මෙන්ම තැලසීමියාව සහ ඇටමිදුළු අකර්මණ්‍ය වීම (aplastic anaemia) වැනි සෙසු රුධිර ආශ්‍රිත දරුණු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ අවස්ථාව සැලසේග මල්ටිපල් ස්ක්ලෙරෝසිස් (MS) වැනි රුධිරාශ්‍රිත නොවන රෝගවලට පවා ඇටමිදුළු බද්ද කිරීමට හැකියාව එම ඒකකයේ තිබේ.

එමෙන්ම රෝගියාගේ පවුලේම සෞඛ්‍ය සම්පන්න අයෙකුගෙන් ලබාගන්නා පියවි සෛල ඇසුරින් බහිර්ජාත ඇටමිදුළු බද්ධ කිරීම් (Allogeneic bone marrow transplants) සිදුකිරීමේ තාක්ෂණය ද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සතුයග

කෙසේ නමුත් රෝගීන්ට තම පවුලේ සාමාජිකයින්ගෙන් ගැලපෙන පියවි සෛල ලබාගත නොහැකි විටෙකදී ජාත්‍යන්තර වශයෙන් ලියාපදිංචි කර ඇති පරිත්‍යාගශීලීන් හරහා පියවි සෛල ලබාගෙන ප්‍රතිකාර ලබාදීමට පවා ආසිරි රෝහල් ජාලය විසින් පියවර ගනු ලැබේ.

ඒ වෙනුවෙන් ඉන්දියාවල අමෙරිකා එක්සත් ජනපදයල එක්සත් රාජධානියල ජර්මනිය වැනි රටවල ලියාපදිංචි දත්ත ගබඩා හරහා සුදුසු පරිත්‍යාගශීලීන් සපයා ගැනීමේ හැකියාව ආසිරි රෝහල් ජාලය සතුය.

ගෝලීය වසංගතය හේතුවෙන් සිදුවන ගුවන් ගමන් නවතාදැමීම ඇතුළු වෙනත් ප්‍රමාදයන් මගින් ද ප්‍රතිකාර අවශ්‍ය රෝගීහු මහත් පීඩාවකට පත්ව සිටිති.

විශේෂයෙන්ම ගුවන් ගමන් සීමා කිරීම් සහ ප්‍රවාහන සේවාවන්හි සීමා සහිත භාවය නිසා ඔවුහු දැඩි අවදානමකට පත්ව සිටිති.

යම් හෙයකින් ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාරය වෙනුවෙන් පියවි සෛල ලබාදීම බලාපොරොත්තුවෙන් සිටින පරිත්‍යාගශීලියාට කොවිඩ්-19 වෛරසය වැළඳීමල නිරෝධායනයට හෝ  ලොක්ඩවුන්වීමට ලක්වුවහොත් ඇටමිදුළු බද්ධ ප්‍රතිකාරය ද පමා විය හැකි අතර, ඒ අතරතුර රෝගියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මුළුමනින්ම දුර්වල වී ජීවිතක්ෂණය පත්වීමේ අවදානමක් පවා මතු වේ.

මේ නිසා පසුව භාවිතයට ගැනීම වෙනුවෙන් පියවි සෛල කල් තබා ලබාගෙන, ආරක්ෂිතව ගබඩා කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව තිබේ.

මෙම අවශ්‍යතාව නිවැරදිව හඳුනාගනිමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවා අංශය සතු එකම පියවි සෛල සැකසුම් සහ ගබඩා පහසුකම්වලින් පියවි සෛල රසායනාගාරයක් පිහිටුවීමට ආසිරි රෝහල් ජාලයට හැකිව තිබේ.

ඒ හරහා පවත්නා දුෂ්කර කාලසීමාව තුළදී පවා ඉක්මණින් ප්‍රතිකාර සේවා ලබාගැනීමේ අවකාශය රෝගීන්ට උදා වී ඇත.

විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේදී බහිර්ජාත ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පියවි සෛල කල්තබා ලබාගෙන ගබඩා කළ යුතු බවට ජාත්‍යන්තර නිර්දේශයක් ඉදිරිපත් වී තිබෙනවා.

එම නිසා අපගේ අලුත් පහසුකම් තුළින් පරිත්‍යාගශීලියාව සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවකදී පවාල ගබඩා කර ඇති පියවි සෛල භාවිත කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර කිරීමේ අවස්ථාව උදා වෙනවා.

අප සතු පියවි සෛල ගබඩාව තුළ අවුරුද්දක් යනතුරු පියවි සෛල ගබඩාකර තැබිය හැකියි“, යනුවෙන් ආසිරි ඇටමිදුළු බද්ධකිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලින්ද්‍ර ගුණරත්න මහතා පැවසීය.

මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරයෙකු සහ පියවි සෛල විෂය පිළිබඳ හොඳින් පුහුණු වූ විද්‍යාඥයෙකු ඇතුළු විශේෂඥ දැනුමින් හෙබි දක්ෂ කාර්ය මණ්ඩලයක් සේවය කරයි.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...