26 C
Colombo
Saturday, May 18, 2024

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

- Advertisement -

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව A.S.P. ලියනගේ මහතා දැනුම් දී තිබෙනවා.

වසර 20කට ආසන්න කාලයක සිට අදාළ වැඩසටහන TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ බවත්, 2025 මාර්තු 31 දින දක්වා වැඩසටහන විකාශය කිරීමට ගිවිසුම්ගත වී ඇති බවත් ඒ මහතා අදාළ මාධ්‍ය ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.

කෙසේවෙතත්, අදාළ මාධ්‍ය ආයතන විසින් සිය සමාගම සමග තිබූ ගිවිසුම් කඩ කරමින් ගනු ලැබූ ඒකපාර්ශ්වික සහ අසාධාරණ තීන්දු තීරණ ගෙන ඇති බව A.S.P. ලියනගේ මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

ලියනගේ මහතා චෝදනා කරන්නේ ගිවිසුමේ සඳහන් දිනයට පෙර, තමන් දැනුවත් කිරීමකින් තොරව වැඩසටහනේ විකාශන කටයුතු නවතා දැමීම අසාධාරණ බවයි.

මේ වන විට අදාළ මාධ්‍ය ආයතන ලියන්ගේ මහතාගේ දුරකතන ඇමතුම් පවා මගහරිමින් ඉතා වංචනික ලෙස කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ගිවිසුම් ප්‍රකාරව නැවත “ASP පැදුරු පාටිය” වැඩසටහන විකාශනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුනොවුණහොත් ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ලියනගේ මහතා අදාළ මාධ්‍ය ආයතන දැනුවත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...