29 C
Colombo
Sunday, June 4, 2023

ඇස්ට්‍රාසෙනෙකා ප්‍රමාද වෙන්නේ ඔලිම්පික් නිසා – චන්න ජයසුමන

- Advertisement -

මෙරටට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ප්‍රමාද වී ඇත්තේ ඔලිම්පික් උළෙල නිසා බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ, ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජපාන රජය මගින් මගින් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට එකඟවී තිබූ මෙම ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 14 අද හෝ හෙට මෙරටට ලැබීමට නියමිතව තිබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන්යානාවල යම්කිසි ප්‍රමාදයක් සිදුවී ඇති බවත් එබැවින් එන්නත් තොගය මෙරටට ලැබීම දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත්, ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව නිසැකවම ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...