තමාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පසුගිය දෙවනදා නිවේදනය කළා.

අදාළ නිවේදනයෙන් දින 5 ක්වත් ගතවීමට ප්‍රථම මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (07) දින මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට සහභාගීවී තිබෙනවා.
ඒ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සහ භාවිතය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්දයෙන් වන විශේෂ සාකච්ඡවකටයි.
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍යය මෙන්ම පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් පිරිසක්ද සහභාගී වී තිබෙනවා.
එමෙන්නම රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.



මේ සෞඛ්‍ය නීති කඩ කරන පුද්ගලයින් පොලීසිය විසින් කකුල් දෙකෙන් ඔසවාගෙන යන ආකාරයයි.