26 C
Colombo
Thursday, March 23, 2023

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අත නවන වැඩක්…

- Advertisement -

ඉහළම දේශපාලන හස්තයක බලපෑම හේතුවෙන් අත්තිඩිය කුරුළු අභය භූමියේ කොටසක විනාශකාරී ඉදිකිරීමකට අවසර දීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදුව ඇතැයි ‘නිව්ස් 19’ ට වාර්තා වේ.

අත්තිඩිය කුරුළු අභයභූමියට නැගෙනහිර දෙසින් මායිම්ව ඇති හෙක්ටයාර් 0.7 ක භූමි ප්‍රමාණයකින් යුත් බිම් කොටසක මෙසේ ඉදිකිරීම් කරනු ලබන්නේ සහනෝදය නමැති පුණ්‍යායතනයක් මගිනි.

1992 වසරේදී ආරම්භ කල ඇති මෙම සංවිධානයේ නිර්මාතෘ කුප්‍රකට ව්‍යාපාරිකයකු වන බන්දුල වීරවර්ධන නමැත්තාය.

ඔහු 2017දී තායිවානයේ ජාත්‍යන්තර බැංකුවකට සම්බන්ධ මිලියන ගණනක ජාත්‍යන්තර මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූවෙකි.

පුණ්‍යායතනයේ සභාපති ධූරය හපුතලේ පඤ්ඤාරාම නමැති භික්ෂුවක් දරයි.

මේ දෙදෙනාම ඉහළම දේශපාලන සම්බන්ධකම් ඇති බැවින් මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරිහුඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දැඩි සේ අසරණව සිටිති.

මෙම ඉඩම අභයභූමියේ පිහිටා තිබුණද පෞද්ගලික ඉඩමක් යන කාරණය මත පදනම්ව ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට 2009 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොන්දේසි 6ක් මත පදනම්ව අවසර ලබා දී ඇත.

එවකට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.ඩී.ඒ. විජේසූරිය 2009 සැප්තැම්බරයේ නිකුත් කළ ලිපියකින් මෙම කොන්දේසිසහගත අවසරය දුන්නත් අද වන විට එම කොන්දේසි උල්ලංඝනය කරමින් ඉදිකිරීම් සිදුවෙමින් ඇත.

මෙම යෝජිත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ක්‍රියාවලිය වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීම සහ අවශ්‍ය අවස්ථා වල නිලධාරීන්ට පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ දිය යුතු බව අනිවාර්ය බව එහි එක් කොන්දේසියක් වුවත් වනජීවී නිලධාරීන්ට ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට අවසර ඉල්ලා සිටින තත්ත්වයක් දැන් නිර්මාණය වී ඇත.

ඉල්ලීමකින් පසුව පවා අදාළ පරිශ්‍රයට ඇතුළුවීමට මෙම හිමිනම ඇතුළු කණ්ඩායම වනජීවී නිලධාරින්ට ඉඩ දී නැති අතර මේ නිසා කිසිවක් නිරීක්ෂණය හසුකරගන්නට දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇත. 

භූමියට යාබද ඇළ ඉවුරත් සමග මීටර් 30ක පරතරයක කිසිම ඉදි කිරීමක් හෝ ගොඩ කිරීමක් කල නොහැකි බවත් එම මීටර් 30ක ඉඩ තුල ඇළ ඉවුර ආරක්ෂා වන අයුරින් උණ, කුඹුක් සහ මී වැනි ගස් සිටුවීම කළ යුතු බවත් තවත් කොන්දේසියකි.

එහෙත් ඇල ඉවුර හා මීටර තුනකටත් අඩු පරතරයකින් කම්බි වැටක් ගැසීමට මෙම බලවතුන් කටයුතු කර ඇත.

අදාළ ඉදිකිරීමට නීත්‍යනුකූල මුහුණුවරක් ලැබෙන ආකාරයේ අනුමැතියක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහාම ලබාගැනීමට ද මෙම බලවතුන් උත්සාහ දරමින් සිටින්නේ යැයි දෙපාර්තමේන්තුවේ විශ්වසනීය ආරංචි මාර්ග ‘නිව්ස් 19’ ට සඳහන් කරයි. 

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...