33 C
Colombo
Friday, May 3, 2024

පිහි ප්‍රහාරකයාට මුහුණ පෑ වීරයාට ඕස්ට්‍රේලියාවෙන් දුන්න තෑග්ග (වීඩියෝ)

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සාප්පු සංකීර්ණයක පසුගියදා (13)  සිදුවූ පිහි ප්‍රහාරයකින් පසුගියදා කාන්තාවන් පස් දෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් මිය ගියා.

එම පිහි ප්‍රහාරය සිදු කළ අවස්ථාවේ ප්‍රහාරකයා නැවත්වීමට උත්සාහ කළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඩේමියන් නමැති ප්‍රංශ ජාතිකයෙක් වන අදාළ පුද්ගලයේගේ ඔස්ට්‍රේලියානු වීසා කාලය නිමාවීමට ආසන්නව පැවතියද කිසිදු බාධාවකින් තොරව වීසා කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇල්බනීස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

එසේම කැමති කාලයක් ඔහුට එරට රැඳී සිටිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නවතම නීතියට අනුව ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදුනහොත් ඔහුගේ ප්‍රංශ පුරවැසිභාවය අහිමිව යනු ඇති.

සිඩ්නි නුවර පිහි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ටි ඩේමියන් ප්‍රහාරකයා වැළක්වීමට ගත් උත්සාහය දැක්වෙන වීඩියෝව පහතින්,


RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...