26 C
Colombo
Saturday, May 11, 2024

තරඟ 2ක් ඉතිරිව තිබියදී අළු බඳුන තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

- Advertisement -

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති 2021-2022 අළු බඳුන තරඟාවලියේ තෙවන තරගය
ඉනිමක සහ ලකුණු 14කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (28)සමත් වුණා.

ඒ අනුව මෙවර අළු බඳුන ශූරතාව තවත් තරඟ 02ක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවුනේ තරඟ 03 ට 0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගනිමින්.

තෙවන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 185කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 267ක්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මාකස් හැරිස් ලකුණු 76යි ලබාගත් අතර පන්දු යැවීමේදි එංගලන්තය වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ලකුණු 68කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියට හැකිවුණා.

එහිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ස්කොට් බෝලන්ඩ් ලකුණු 7කට කඩුලු 6ක් දවා ගත්තේ තරගයේ වීරයා බවට පත්වෙමින්.

ඒ අනුව තෙවන තරඟය ඉනිමකින් සහ ලකුණු 14කින් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව...

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ගේ...

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...