28 C
Colombo
Saturday, July 27, 2024

චීනය තම රට සම්බන්ධයෙන් ⁣ව්‍යාජ පුවත් පැතිරවීමේ නිරත වන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා

- Advertisement -

චීනය තම රට සම්බන්ධයෙන් ⁣ව්‍යාජ පුවත් පැතිරවීමේ නිරත වන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා

චීනය තම රට සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීමේ නිරතවන බවට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඇලන් ටජ් ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය ලැබීමට පෙර එහි ඇති අවදානම පිලිබද සම්පූර්ණ තක්සේරැවක නිරත වන ලෙසට චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියේ එරට සිසුන්ට දැනුම්දීමට ප්‍රතිචාරයක් ලෙසයි.

ඕස්ට්‍රේලියාවේ චීන සිසුන්ට එරෙහිව දරැණු ජාතිවාදයක් ක්‍රියාත්මක බවත් චීන සිසුන්ට එරෙහිව ප්‍රහාර එල්ල වන බවත් චීන අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ.

මීට ප්‍රතිචාර ලෙස ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඇලන් ටජ් සදහන් කර ඇත්තේ තම රට ලෝකයේ වඩාත්ම ආරක්ෂිත රාජ්‍යයක් බවයි.

ඕස්ට්‍රේලියාව විදේශ සිසුන්ට අධ්‍යාපනය ලැබීම සදහා වඩාත් සුදුසුම රාජ්‍යයක් බවත් එය කිසිවිටක ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය නොඉවසන බවත් ඔහු අවධාරණය කොට තිබේ.

එබැවින් තම රට සම්බන්ධයෙන් එවැනි ව්‍යාජ තොරතුරු ප්‍රචාරය නොකරන ලෙස ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍යවරයා චීනයට අවධාරණය කොට තිබේ.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...