29 C
Colombo
Saturday, July 27, 2024

ස්පා විවෘත කරන්න නිශ්චිත හේතුවක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

- Advertisement -

ඉරිදා නිකුත් කරන ලද සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සම්බාහන මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට ඉඩ දුන්නේ ඇයි දැයි යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට අවසර ලබාදීමට නිශ්චිත හේතුවක් නොතිබූ බවයි.

“මුලදී, අපට දැඩි මාර්ගෝපදේශ සමඟ සියල්ලම වසා දැමීමට සිදු වුණා. කොවිඩ්-19 රෝගීන් අඩු වන විට, පවත්නා සීමාවන් ලිහිල් කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව අපි ක්‍රමයෙන් සීමාවන් නිදහස් කරනවා” යැයි වෛද්‍ය හේරත් ඩේලිමිරර් පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.

පසුගිය ඉරිදා (04) නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ දින 14 ක් සඳහා වලංගු වන බවත් සම්බාහන මධ්‍යස්ථාන වසා දමා වෙනත් දෙයක් විවෘත කිරීමට නිර්දේශ කරන්නේ නම් බලධාරීන් ඒ අනුව එම තීරණය ගනු ඇති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කෙසේ වෙතත්, සංශෝධිත මාර්ගෝපදේශයන්ට අනුව පබ්,බාර්, කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා තවදුරටත් වසා තැබෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...