31 C
Colombo
Monday, March 4, 2024

බද්දේගම සමිත හිමි හට කොවිඩ් වැළදී කරාපිටිය රෝහලේ

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පූජ්‍ය බද්දේගම සමිත හිමියන් හට කොවිඩ් 19 වැළදී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේ මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද පළමු බෞද්ධ භික්ෂූන්වහන්සේ ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසගත වනවා.

නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිස පසුව වාසුදේව නානායක්කාර මහතා සමගින් ලංකා සමසමාජ පක්ෂයට එක්වී 2001 වසරේ පැවති මහාමැතිවරණයෙන් උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්වනවා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේයි.

කෙසේ වෙතත් පසුව 2004 වසරේ පැවති මැතිවරණයෙන් උන්වහන්සේ පරාජයට පත්වන අතර පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඡන්දයට ඉදිරිපත්වුවද පරාජයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ – රමේෂ් පතිරණ

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...