31 C
Colombo
Saturday, July 27, 2024

ගුරු – විදුහල්පති විරෝධතාවයේදි අත්අඩංගුවට ගත් 44දෙනාට ඇප

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු – විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (5) නියෝග කළා.

එහිදි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සදහන් කළේ ඉදිරි දිනයක ශරීර ඇප තැන්පත් කරන තෙක් පුද්ගලික ඇප මත මෙම අවස්ථාවේ අදාළ පුද්ගලයින් 44 දෙනා මුදා හරින ලෙසයි.

ඊයේ දින ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති විරෝධතාවයේදි අත්අඩංගුවට ගත් මෙම පිරිසට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ වෙනත් පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළත්.

අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ පිරිස කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදි ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කෙරුණා.

එම ඇන්ටිජන් පරික්ෂණවල ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් වූ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් 44 දෙනාගෙන් කිසිවෙකුට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව ඉන් තහවුරු වී තිබුණා.

එම පිරිස අද අධිකරණට ඉදිරිපත් කෙරුණේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත උල්ලංඝනය කරමින් ප්‍රධාන මාවත් අවහිර කිරීම, නිරෝධායන පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවයි.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...