25 C
Colombo
Sunday, May 19, 2024

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

- Advertisement -

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළා.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ උතුරු මැද රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ක්‍රියාරියාකාරී උපාධිධාරින් දොළොස් දෙනෙකු සහ උපාධිධාරිනියන් එකොළොස් දෙනෙක්.

රැකියා විරහිත උපාධිධාරීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් උතුරු මැද පළාත් සභාව සතු ඇතැම් දේපල වලට යම් යම් හානි සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නොමැති බවට අධිකරණයට අවධාරණය කළ පොලිසිය සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියා.

එහිදී සැකකාර රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ උපාධිය ලබාගෙන වසර ගණනාවක් ගත වුවද කිසිදු රැකියාවක් නොලැබීම හේතුවෙන් තම සේවාදායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අසරණභාවයට පත්ව සිටින බවයි.

රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළා මිස තම සේවා දායකයින් කිසිදු කලහකාරී කටයුත්තකට සම්බන්ධ නොවූ බවද නීතිඥයන් අධිකරණය හමුවේ පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...