සෑම සොරෙකුටම “මෝදි” යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී රාහුල් ගාන්ධි විසින් ප්‍රකාශයක් කර තිබුණා .
මෙහිදී මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව තිබෙනවා.
ගුජරාට් අධිකරණය මඟින් ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් නියෝගයක් ලබා දී තිබුණා.
රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.