25 C
Colombo
Sunday, May 19, 2024

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

- Advertisement -

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා.

එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා නියෝගය කර ඇත්තේ සැකකරු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ සුජිත් ප්‍රනාන්දු නොහොත් “සිඟිති” නමැති පුද්ගලයෙක්.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවූ සුසිත ජයවංශ නමැති තරුණයා මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව තිබුණා.

ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබු අතර එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇතැයි අනාවරණ වූ බව පොලීසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා පොලීසියට පාපෝච්චාරණය කර ඇත්තේ, අදාළ තරුණයා ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට රැගෙන යා යුතු බව පෙම්වතියගේ පියා පැවසූ බවයි.

සිද්ධියෙන් පසුව ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ, අතුරුදන් තරුණයාගේ පෙම්වතිය වන සිය දියණිය සහ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය හා ඇයගේ සැමියාද සිය නිවෙස් අතහැර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට වාර්තාවනවා.


RECENT ARTICLES - SINHALA

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...