29 C
Colombo
Saturday, July 27, 2024

ගුරුවරියගේ ඡායාරූප අසභ්‍ය ලෙස සැකසූ සිසුවාට ඇප

- Advertisement -

සමාජ මාධ්‍ය සමූහයන්ට ගුරුවරියකගේ සංස්කරණය කරමින් සැකසූ නිරුවත් ඡායාරූප එක්කළ එම පාසලේම සිසුවෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (11) නියෝග කර තිබෙනවා.

වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ 18 හැවිරිදි සිසුවෙකු එලෙස ඇපමත මුදාහළ බව සඳහන්.

සැකකරුට අවවාද කරමින් අදාළ සේයාරූ වෙනත් සංස්කරණයන්ට භාජනය නොකරන ලෙසත්, සාක්ෂිවලට කිසිඳු බලපෑමක් නොකරන ලෙසත්, එසේ කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගුකොට නීතිකෘත්‍ය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බවටත් මහේස්ත්‍රාත්වරයා විසින් අවවාද කර තිබෙනවා.

සැකකරු මෙසේ වෙනත් කාමුක රූපවලට ගුරුවරියගේ මුහුණ යෙදූ ඡායාරූප Facebook හා Telegram නමැති සමාජ මාධවල කාමුක දසුන් සහිත සමූහවලට මුදාහැරීමෙන් එම පාසැලේම සේවය කරන වින්දිත ගුරුවරිය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, සියදිවි හානිකරගන්නා අවදානමක් පවා පවතින බවත් අධිකරණයට ‘බී’ වාර්තාවක් මගින් සැකකරු ඉදිරිපත්කළ පොලිසිය සඳහන් කර තිබුණා.

එමෙන්ම එසේ මුදාහැරි දසුන් නැරඹූ ඇතැම් පිරිස් ගුරුවරිය අමතා ඇති අතර, ගුරුවරිය එවැන්නක් සිදුව ඇති බව දැනගන තිබුණේ ඒ අනුව බවත් පොලිසිය අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

එහෙත් සැකකරුගේ නීතිඥවරු අධිකරණයට පවසා ඇත්තේ එම සමූහයන්ගේ වගකීම් බාරගත නොහැකි බවයි.

එමෙන්ම මෙම නඩුවේ සාක්ෂි ලෙසින් ඉදිරිපත් කර ඇති අයද ඉතා අඩු වයසේ අය බවද පෙන්වාදෙමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...