27 C
Colombo
Sunday, April 2, 2023

බාලි රටේ වඳුරන් කප්පම් ඉල්ලනවාලු

- Advertisement -

 

බාලි හි උළුවටු හින්දු පන්සලේ වඳුරන් ලේසි පහසු පිරිසක් නෙවෙයි. දිග වළිඟයක් තියෙන, ඒ පුරාණ භූමියේ  සැරිසරන වඳුරන්, තමන් ගැන සැක නොකරන සංචාරකයන්ට ළං වී ඔවුන් අතේ තියෙන වටිනා දෙයක් උදුරාගන්න දන්නවා. ඒ උදුරාගෙන, තමන්ට කෑමක් දෙනතුරු ඒක ඇපයට තියාගන්න දන්නවා.

පර්යේෂකයන් හොයාගෙන තියෙන විදියට මේ වඳුරන්, වටින කියන බඩු මොනවාද කියලා හඳුනාගන්න හරි දක්ෂයි. ඒ අනුව තමන්ගේ කොල්ලකෑමට ලක්වෙන අයට වටිනාම බඩු මොනවද කියලා අඳුනගන්නත් ඒක හරියටම කොල්ලකාලා උපරිම ‘ලාබ ලබන්නත්’ මේ වඳුරන් දන්නවා.

මේ ශූර වඳුරන් මිනිසුන්ට එච්චර වැදගත් නැති හිස් කැමරා බෑග් එකක් හරි, වෙන දෙයක් හරි පැහැරගන්නේ නෑ. ඒ වෙනුවට කැමරාවක්, ෆෝන් එකක් වගේ ඉලෙක්ට්‍රොනික් බඩු අඳුනාගන්නවා. ඒ වගේම සමහර සංචාරකයන් වැදගත් බෙහෙත් පැකට් එකක් හොරකම් කරන්නත් ඔවුන් දන්නවා. මේ ගැන කැනඩාවේ ලෙත්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ආචාර්ය ජීන්-බැප්ටිස්ට් ලෙක අධ්‍යන කරලා තියෙනවා.

හොඳම භාණ්ඩ අඳුනගන්න එක වගේම, නොසැලකිලිකමත් සංචාරකයන් අඳුනගන්නත් මේ වඳුරන් දක්ෂ බව මහාචාර්යවරයා කියා තිබෙනවා.

මේ මහාචාර්යවරයා සහ පර්යේෂන කණ්ඩායම දවස් 273ක් විතර පන්සලේ කාලය ගත කරමින්, එහේ වෙන සිද්ධි නිරීක්ෂණය කරමින් ඒවා පටිගත කරලා තියෙනවා. ඒකෙදී ඔවුන් කියන්නේ සමහර වෙලාවට මොකක්හරි පැහැරගෙන සංචාරකයාත්, පන්සලේ වැඩකරන කෙනෙකුයි අතර කේවල් කිරීම් විනාඩි කිහිපයක් වුණත් පවතින්න පුළුවන් කියලයි. තවත් සමහර වෙලාවක විනාඩි 25ක්, විනාඩි 17ක් ආදී දීර්ඝ කේවල් කිරීම් පවා තිබුණාලු. ඒ භාණ්ඩයේ වටිනාකමේ හැටියට, වඳුරාට කප්පම ගෙවන්න වෙනවා.

වඳුරන් බුද්ධිමත් බව ලෝකයේ විද්‍යාඥයන් කොහොමටත් දන්නවා. විද්‍යාගාරවල ඔවුන් වඳුරු බුද්ධිය ගැන පර්යේෂණ කරලා තියෙනවා. ඒත්, මේ ඇවිල්ලා නිදහසේ හැසිරෙන සාමාන්‍ය වඳුරන් ගැන අධ්‍යනයක්. විශේෂත්වය ඒකයි. මේ වඳුරන් තරුණ කාලය පුරාම මේ කප්පම් ගැනීමේ කලාව ඉගෙනග්නනවාලු.

ඒක වඳුරු කණ්ඩායම්වල සංස්කෘතික, සමජයීය හැසිරීමක්. වඳුරන් මේ කප්පම් කලාව අවුරුදු තිහක් විතර තිස්සේ පරම්පරාවෙන් අරගෙන යනවාලු.

ලෝකයේ කැලෑ අඩුවෙද්දී, මිනිසුන් වැඩිවෙද්දී ජීවත්වෙන්න තැන් අහිමිවෙන සතුන් අතර වඳුරන් ඉන්නවා. ඒත්, අනෙක් ගොඩක් සතුන් වර්ග වාගේ වඳුරන් තනියෙන් වඳ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මිනිසුන් ගැවසෙන තැන්වලට ගිහින්, ඒ ඒ තැන්වලට ගැලපෙන විදියට ජීවත්වෙන්න හුරු වෙනවා. ඒ නිසයි ලංකාවේ වුණත්, වෙනත් රටවල වුණත් වගාවලට සහ දේපලවලට වැඩිපුරම හානි කරන සතුන් වර්ගයක් බවට වඳුරන් පත්වෙලා තියෙන්නේ. 

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...