29 C
Colombo
Friday, June 2, 2023

පකිස්තානයට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතා

- Advertisement -

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහිව වන විරෝධතා ව්‍යාපාරයක් බ්‍රිතාන්‍යයේදී දී පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිට දී මෙම විරෝධතා ව්‍යාපාරය පැවති බවයි.

බලුකිස්තාන ජාතික ව්‍යාපාරය සංවිධානය කළ මෙම විරෝධතාව සදහා පකිස්තානයේ තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ද එක්ව සිටි බව සදහන් වේ.

බලුකිස්තාන ජාතික ව්‍යාපාරයේ නායක ආචාර්ය ඩීන් මොහොමඩ්⁣ අතුරැදන්ව වසර දොලහක් ගතවීම මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට ප්‍රධාන හේතුවයි.

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දේශපාලන විරුද්ධ මතධාරීන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අඛණ්ඩව සිදුවන බවත් මේ මාසයේදී පමණක් එවැනි සිදුවීම් විස්සක් දැනට වාර්තා වී ඇති බවත් විරෝධතාවයට එක්වූවෝ මෙහිදී සදහන් කළහ.

මේ සදහා පකිස්තාන ආරක්ෂක අංශ වගකිව යුතු බවටද ඔවුහු මෙහිදී චෝදනා කළහ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...