29 C
Colombo
Sunday, June 4, 2023

බන්දුලගේ සහන මල්ල ලබන සතියේ

- Advertisement -

රජය විසින් ලබාදෙන රුපියල් 5,000 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ල තමන්ට ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කර නොමැති බව ඊට හිමිකම් ලැබූ ජනතාව චෝදනා කරනවා.

හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ට සහ නිරෝධායන සදහා යොමු කර ඇති පවුල්වලට එම සහන මල්ල ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

මෙම සහන මල්ල බෙදාහැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන්ට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් හරහා සිදුකිරීමට නියමිතයි. කෙසේවෙතත් එම භාණ්ඩ මල්ල තමන්ට මෙතෙක් නොලැබුණු බවයි එම ජනතාව පවසන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් රුපියල් 5,000 ක වටිනාකමින් යුත් මෙම භාණ්ඩ සහන මල්ල ලබන සතියේ ග්‍රාම නිලධාරීන් හරහා අදාළ පුද්ගලයන්ට ලැබෙනු ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර සිටිනවා.

මේ අතර, භාණ්ඩ 20 ක් ඇතුළත් එම සහන මල්ල කළුතර දිස්ත්‍රික්කයේ ඊට අදාළ ජනතාවට බෙදා දෙන ආකාරය පැහැදිලි කරමින් කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසා සිටියේ හුදකලා ප්‍රදේශ වල ජනතාවටද එය ලැබීමට සලස්වන බවයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...