31 C
Colombo
Saturday, July 27, 2024

බංගලදේශයේ මහල් හයක ගොඩනැගිල්ලක ගින්නෙන් 52 ක් ජීවිතක්ෂයට

- Advertisement -

බංග්ලාදේශයේ මහල් හයක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 52 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි

ඩකා අසල කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි මහල් හයක ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන තිබිණි.

කිහිප දෙනෙක් ගින්නෙන් ගැලවීම සඳහා බිමට පැනීමේ දී ජීවිතක්ෂයට පත් විය.

පැය 24 කට පසුව ද ගින්න දිගින් දිගටම ඇවිලෙමින් පැවතුණු අතර ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

කර්මාන්තශාලාවේ පැවති රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් බෝතල් ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ සිට ගින්න ඉක්මනින් පැතිරීමට උපකාරී වූ බව ප්‍රාදේශීය වාර්තා පෙන්වා දෙයි.

පැය 24 ක් පමණ ගොඩනැගිල්ල අඛණ්ඩව ගිනිබත් වීම නිසා මළ සිරුරු පිටතට ගෙන ඒම පමා වීම පිළිබඳ ශෝකයට පත් ඥාතීන් කලහකාරී ලෙස හැසිරෙමින් සිටින බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...