ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටියා.
අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තා.
ඒ අනුව, තරගයෙන් ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 511ක්.
එහෙත් සිව් වන දිනය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 268ක් පමණයි.
මොනිමුල් හක් ලකුණු 50ක් රැස් කළා.
ජයග්‍රහණය සඳහා ඔවුන් තවත් ලකුණු 243ක් ලබාගත යුතුයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ ලකුණු 178ක් පමණයි.