25 C
Colombo
Sunday, May 19, 2024

බංග්ලාදේශ වරායන් ඉන්දියාවටත් විවර කෙරේ

- Advertisement -

ඉන්දියාවට අවශ්‍ය නම් චැටෝග්‍රම් සහ සිල්හෙට් හි පිහිටි වරායන් භාවිත කිරීමට හැකි බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා පවසා තිබේ.

එමගින් කලාපයේ සම්බන්ධතාවය ඉහළ නංවන බවත්, මිනිසුන් අතර සබඳතා වැඩි දියුණු කරන බවත් ඇය ප්‍රකාශ කළ බව ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කර ඇත.

ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවලට ආසන්නව පිහිටා ඇති නිසා චැටෝග්‍රම් යනු ඉන්දියාවට උපාය මාර්ගිකව වැදගත් වරායකි.

‘ඉන්දීය පදනමේ’ රාම් මාධව් හමු වූ අවස්ථාවේදී බංග්ලාදේශ අගමැතිනිය මේ අදහස් පල කර තිබේ.

හසීනාගේ නායකත්වය යටතේ බංග්ලාදේශයේ සමාජ ආර්ථික ප්‍රගතිය මාධව් මෙහිදී අගය කර තිබේ.
“බංග්ලාදේශය සහ ඉන්දියාව අසල්වැසි රටවල් ලෙස විශිෂ්ට මිත්‍රත්වයක් ඇති අතර මෙම සම්බන්ධතාවය දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු සඳහන් කළ බව ඩකා ට්‍රිබියුන් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...