27.4 C
Colombo
Wednesday, June 7, 2023

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යළි සේවයේ පිහිටුවන්නැයි නීතිඥ සංගමය නීතිපතිගෙන් ඉල්ලයි

- Advertisement -

වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපති සංජය රාජරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ලිපිය නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නිර්දෝෂී බවට පරිපාලන අභියාචනා විනිශ්ච සභාව විසින් නිගමනය කිරීම හේතුවෙන් ව්‍යවස්ථාපිත විනිශ්චය සභාවක් ලෙස එහි තීරණයට ගරු කිරීම ව්‍යවස්ථාමය වගකීමක් බව මෙම ලිපිය තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතනයෙන් කළ සංවාදයක හඬපටයක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීම පසුගිය සමයේ මහත් අන්දොලනකයට ලක් වූ අතර පසුව එම සිදුවීමට අදාළව එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස 2019 සැප්තැම්බර් මස 23 වන එවක නීතිපතිවරයාව සිටි දප්පුල ද ලිවේරා මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ තහනම් කෙරුණේ ඒ අනුවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරිපාලන අභියාචනා විනිශ්ච සභාව සිදුකළ පරීක්ෂණයට අදාළව මොරටුව විශ්ව විද්‍යාලයේ විමර්ශන කණ්ඩායමක් හා රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර තිබුනේ ප්‍රශ්නගත හඬ පටය අවස්ථා ගණනාවකදී සංස්කරණය කර විකෘති කර ඇති බවයි.

ඒ අනුව එම දුරකථන සංවාදය හේතුවෙන් වැඩ තහනමට ලක් වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එලෙස වැඩ තහනමට ලක් කිරීම වරදක් බවත් ඇය වහා සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙසත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව නියෝග කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...