24 C
Colombo
Thursday, March 30, 2023

නීතිඥ සංගම් නිලවරණය: හමුදා මුලස්ථානයේ ‘කොක්ටේල් පාටියක්’ – ජජ් ඇඩ්වකේට් නිරෝධායනයට !!

- Advertisement -

එළඹෙන නීතීඥ සංගමයේ මැතිවරණය වෙනුවෙන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේ පැවති මැතිවරණ රැස්වීමකින් අනතුරුව, ශ්‍රී ලංකා හමුදාවේ විනිසුරු අද්වකාත් සහ ඔහුගේ කාර්යාලයේ සෙසු නිලධාරීන් නිරෝධායනයට ලක් කර තිබේ. 

 ශ්‍රී ලංකා හමුදාවේ නීති නිලධාරීන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේදී අනිවාර්ය රැස්වීමක් සඳහා කැඳවා තිබිණ. යුද හමුදාපති විසින්ම විටින් විට මතක් කරනු ලබන කොළඹ සහ බස්නාහිර පළාත පුරා රැස්වීම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇති අතර අත්‍යවශ්‍ය නොවන රැස්වීම් අධෛර්යමත් කරනු ලැබුවද, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මෙම රැස්වීම සංවිධානය කරන ලදැයි කියැවේ.

  ‘පරිපාලන පරීක්‍ෂණයක්’ පවතින බවත් ඔවුන්ගේ පැමිණීම අවශ්‍ය බවත් කොළඹින් පිටත නිලධාරීන්ට දැනුම් දී තිබී ඇත. කැඳවනු ලැබූ නිලධාරීන් පුදුමයට පත්ව ඇත්තේ, ඇත්ත වශයෙන්ම පරිපාලන පරීක්‍ෂණයක්‌ නොමැති නමුත් නීතිඥ සංගමයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන එක්‌ අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ රැස්වීමක්‌ පැවැත්වීම ය. 

 මෙම රැස්වීම අමතනු ලැබුවේ අදාළ ජනාධිපති නීතිඥවරයා සහ නීතිඥ සංගමයේ තවත් හිටපු නිලධාරියෙකි.  තමා ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳීමට කටයුතු සම්පාදනය කර තිබුන නමුත් නීතිඥ සංගමයේ මැතිවරණයට තරඟ කිරීමට ඔහුට බලකෙරුණු බැවින් එම කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥවරයා රැස්ව සිටි පිරිසට පවසා ඇත.

 රැස්වීමෙන් පසු හමුදාවේ අනුග්‍රහයෙන් කොක්ටේල් සාදයක් පවත්වා තිබේ.  බොහෝ නිලධාරීන් තමන් කැඳවා ඇති ආකාරය ගැන පුදුමයට පත්ව තිබු අතර විශේෂිත අපේක්ෂකයෙකුට සහය දැක්වීමට බලකිරීම මෙතෙක් හමුදාව තුල නොවූවක් බව ඔවුන් පවසති.

-The leader.lk

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...