26 C
Colombo
Thursday, March 23, 2023

මන්ත්‍රීධුරය ගැන ධනාත්මකව හිතන්නෑ- බැසිල් කියයි

- Advertisement -

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනවාද නැද්ද කියා තීන්දුවක් ගෙන නොමැති නමුත්, ඒ ගැන ධනාත්මකව කල්පනා කරන්නට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ඒ බව කියා ඇත. පසුගිය කාලසීමාවේදී පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබා නොදුන් ඔහු, මෙවර තම අදහස ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඔහු මන්ත්‍රීධුරය බාරගැනීම ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

‘ඇත්තටම මම ඒ ගැන ධනාත්මකව හිතලා නෑ. ඔබ දන්නවා 2015 දී ජනතාව අපට තීන්දුවක් දුන්නා. ඒ ජනවරමට ඉඩ දීලා අපි ඉවත් වුණා. එතැනදී මම කල්පනා කළා ඉදිරි කාලය මගේ දරුවන් හා බිරිඳ සමග ඉන්න ඕනෑ කියලා. නමුත් ඒකට ඉඩ දුන්නේ නෑ. යම් යම් චෝදනා දාලා මාව කොටු කළා.

මම මුලින්ම ලංකාවට ආවා. එතැනදී මම කාරණා දෙකක් හිතුවා. එකක් මේ මර්දනය නීතිමය වශයෙන් පරාජය කරන්න සම්පූර්ණ ශක්තිය යොදවන්න ඕනෑ කියලා. දෙවැනි එක ඒ රටට හානි  හතුරු පාලනය දේශපාලනිකව පරාජය කරන්න ඕනෑ කියලා. මේ මර්දනය මට විතරක් නෙවෙයි. අපේ කඳවුරේ අතිමහත් පිරිසකට එල්ලවුණා.

ඒ එක්කම හිතපු දෙයක් තමයි මගේ කැමැත්තක් නැහැ ජාතික දේශපාලනයට එන්න. ඒ කාර්යභාරයට හොඳම අය ඇවිත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පිරිස. ඒ අයට උදව්වක් කරගෙන ඉන්නවා මිසක් මෙතැනින් එහාට යන්න මගේ බලාපොරොත්තුවක් නෑ.

ආරාධනා මට බොහොමයක් තියෙනවා. මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි, ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉල්ලලා තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලින් ආරාධනා එනවා. නමුත් මම තවම ඒ ගැන තීන්දුවක් අරගෙන නෑ. ධනාත්මකව ඒ ගැන කල්පනා කරන්න බලාපොරොත්තුවක් ඇත්තේත් නැහැ.’

පසුගිය සතියේ ඉරිදා පුවත්පතකට සාකච්ඡාවක් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව ප්‍රකාශ කළහොත් ඒ මොහොතේ ‘තමන්ටද තීන්දුවක් ගැනිමට’ සිදුවන බවය.

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...