31 C
Colombo
Monday, August 15, 2022

බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි

- Advertisement -

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබේ.

එම චෝදනාවට සම්බන්ධ නඩුවෙන් විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන ලිඛිත දේශන මගින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා එම ලිඛිත දේශනවලින් සඳහන් කර සිටින්නේ  මෙම නඩුවේ මුල් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කර තිබු දුෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල නමැත්තා විසින් බවය.

එහෙත් එම මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පියවර ගෙන නොමැති හෙයින් එය විමර්ශනවලදී සිදූවු බරපතළ දෝෂයක් බවද එම ලිඛිත දේශනවල සඳහන්කර තිබේ.

මෙම නඩුවට පාදක වන දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ දිවිනැගුම ජාතික සභාවේ අනුමැතිය යටතේ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා එබැවින් එය නීතියට පටහැනිව ක්‍රියාත්මක කළ වැඩසටහනක් නොවන බව පෙන්වා දෙයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ අධිකරණය වෙත පැවරී ඇති බලතල යටතේ විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස්කරන ලෙසද  රාජපක්ෂ මහතා සිය ලිඛිත දේශනවලින් අයැද සිටී.

මේ අතර විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය මීට පෙර නියෝග කළේය.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...