30 C
Colombo
Saturday, July 2, 2022

භාතිය – සන්තුෂ් අපේ බුද්ධිමය දේපල කොල්ලකෑවා – සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ

- Advertisement -

ජනප්‍රිය ගායක දෙපලක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන අය තමන්ගේ නිර්මාණයක් කිසිදු අවසරයකින් තොරව වාණිජ කටුයුත්තක් සදහා යොදාගෙන ඇති බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසනවා.

ඔවුන් සදහන් කරන්නේ ජැක්සන් ඇන්තනී මහතාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මෙලෙස භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් සම්බන්ද සමාගමක් විසින් යොදාගෙන බරපතල බුද්ධිමය දේපල පැහැරගැනීමේ වරදක් සිදුකර ඇති බවයි.

මේ පිළිබදව ගායක ගායිකාවන්ගේ සංගමය වන ඔස්කා සංවිධානයටද ඔවුන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව භාතිය හා සන්තුෂ් තමන් හමුවේත් ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා හමුවේත් වරද පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් මිලියනයක වන්දියක්ද රෝහන වීරසිංහ මහතා සහ සුනිල් ආරියරත්න මහතා ඉල්ලා ඇතිබවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් භාතිය හා සන්තුෂ් අදාල මුදල නොගෙවා එය හෙට්ටු කරමින් පිළිගත නොහැකි කරුණු ඉදිරිපත් කළ බවයි ඔවුන් සදහන් කරන්නේ.

මේ පිළිබදව ඔස්කා සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දියාරු ස්වභාවයක කටයුතු කරන බැවින් තමන්ද අධ්‍යක්ෂක ධූර දරන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂක ධූරවලින් ඉල්ලා අස්වන බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහන වීරසිංහ මහතා ලිපියක් මගින් ඔස්කා සංවිධානය වෙත දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දොම්පේ නිවසකින් ඩීසල් ලීටර් 950 ක් මතුවෙයි

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා IOC අද (02) තෙල් බෙදන පිරවුම්හල් මෙන්න

ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (01) පිටත් කර යැවූ බව එම සමාගම නිවේදනය කරනවා. ඒ අනුව අද...

හමුදාව ගාල්ලේ නැටූ නාඩගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගාලු කොටුව මත ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයක නිරත පිරිසකගේ විරෝධතා පුවරු ඉවත් කිරීමට යුද හමුදා නිලධාරීන් ගත් පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

RECENT ARTICLES - ENGLISH

22 train journeys scheduled for today cancelled

0
A total of 22 train journeys scheduled for today (July 01) were cancelled due to the lack of staff members, Sri Lanka...

 Nandalal re-appointed CBSL Governor for 6-year term

0
Dr. Nandalal Weerasinghe has been re-appointed as Governor of the Central Bank of Sri Lanka (CBSL) for another term of six years...

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.