32 C
Colombo
Friday, March 29, 2024

අරගල කරන අන්තවාදීන් ගැන බො.බ.සේ. හෙළිදරව් කරයි

- Advertisement -

ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී එක්ව සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන  සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට තමන් හඳුනාගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අන්තවාදය වසා ගැනීමේ සටන් පාඨ අරගලයට මුවා වී සමාජගත කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරෙමින් පවතින බවත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්…

මේ වනවිට අරගලය මුවාවෙන් “ඉස්ලාම් අන්තවාදය” සාධාරණීකරණය” කිරීමේ මෙහෙයුමක් මෙන්ම බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ  සමස්ත මහා සංඝරත්නයම ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් සිදුකෙරෙන ආකාරයක් දක්නට ලැබේ. ආර්ථික අපහසුතාවය හේතුවෙන් රජයට විරෝධය දැක්වීමට දේශපාලන භේදයකින් තොරව එකතුවූ තරුණ තරුණියන් ගේ අරමුණු, අවස්ථාවාදී ආගමික අන්තවාදීන්, ත්‍රස්තවාදීන් මෙන්ම මේ රටේ සිංහල බෞද්ධත්වයට වෛර කරන්නන් විසින් තමන්ගේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට භාවිතා කරන ආකාරයක් මේ වන විට පැහැදිලිව දැකගන්නට  තිබේ.

ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වී සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන  සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට අප හඳුනාගෙන ඇත. ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අන්තවාදය වසා ගැනීමේ සටන් පාඨ අරගලයට මුවා වී සමාජගත කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරෙමින් පවතී.

1954 වසරේ දී ජමාතේ ඉස්ලාම් සංවිධානය විසින් තමන්ගේ අවසාන ඉලක්කය ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීම බවට “කිලාෆත්” සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසුව මේ දක්වා මෙරට ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව ප්‍රමාණික නිරීක්ෂණයන් අප සතුව ඇත. රාජ්‍ය යාන්ත්‍රණය තුල පවා ජමාතේ ඉස්ලාම් මතධාරීන් ඕනෑවටත් වඩා ස්ථාන ගත කර ඇත. 2019 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදයේ සැහැසි බව නිරාවරණය වූ අවස්ථාවක් වුවත් කිසිඳු පදනමක් නොමැතිව දේශපාලන වාසී තකා එම ප්‍රහාරයේ වගකීම් සිංහල දේශපාලන නායකයින් මත පැටවීම මෙරට ඉස්ලාම් අන්තවාදය මර්ධනය කිරීමට ඇති ස්වර්ණමය අවස්ථාව ජාතියට අහිමි කර ගැනීමකි. මෙම අවස්ථාව මගහැර ගතහොත් ශ්‍රී ලාංකිකයින් අහිමිකරගත් අවස්ථා ගොන්නට අනාගතයේදී මෙයද එක් වනු ඇත.

2012 වසරේ සිට මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අප රටට කරුණු කීවෙමු. රටේ යහපැවැත්ම වෙනුවෙන්  “එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක විය යුතු බවට කරුණු කීවෙමු. අප 2015 වසරට පෙර අප විනාශ කිරීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් “නොර්වේ කුමන්ත්‍රණ” සිදුකරන බවත්, රාජපක්ෂ පාලනයට විරුද්ධව සිදුකරන කුමන්ත්‍රණයක් බවත් සඳහන් කරමින් චෝදනා එල්ල කෙරිණි. දැන් එම චෝදනාවලට කිසිදු වලංගු භාවයක් නොමැතිව කුණු කූඩයට එක් වී ඇත.

දැන් නිර්පාක්ෂික නාටකය රඟ දක්වන බොහෝ දෙනා, එදා වෙහෙස වී 2015 වසරේදී “යහපාලන” රජය බලයට පත්කර ගන්නා ලදි. ඔවුන් විසින් තමන්ගේ බෞද්ධ විරෝධය දැඩිව, ප්‍රසිද්ධියේ කිසිම හිරිකිතයක් නොමැතිව ගෙන යන ලදි. පන්සලේ තිබෙන පින්පෙට්ටියට පවා ඇත තැබූ ඔවුන් පුරාවිද්‍යා ස්ථාන මහ දවල් අන්තවාදීන් විසින් විනාශ කරනතුරු බලාසිටියේ තමන්ව බලයට ගෙන ඒමට දැක්වූ සහයට කෘතගුණ දක්වමිනි. බුද්ධි අංශ සම්පුර්ණයෙන්ම විනාශ කර අඩපන කර දමන ලදි. මෙම අමනෝඥ පාලනය නිසා අනාගතයේ දී සිදුවීමට යන විනාශය හඳුනාගත් අප එයට විරුද්ධව දැඩිව සටන් කරන ලදි. ඔවුන්ගෙන් එල්ලවූ බලහත්කාරය කෙතරම්ද යත්, බොදු බල සේනා නායකයින් සිරකුඩුවක් තුල කූඩු කිරීමට යහපාලකයින්ගේ අනුහසින් මුස්ලිම් දේශපාලකයින් පොලීසි පවා මෙහෙයවීය. අවසානයදී ඔවුන් සාර්ථක වෙමින් ඥානසාර හිමියන්ව සිරගත කර අන්තවාදය ව්‍යාප්ත කිරීමේ තම මෙහෙයුම නිදහසේ සිදුකරගෙන ගියේය.

යහපාලනය නමින් ගෙනගිය සිංහල බෞද්ධ විරෝධී පාලකයන් පලවා හැරීමට මතවාදීව අප පෙරමුණේ සිටගත් අතර මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව අත්වැල් බැඳගන්නා ලදි. එහි ප්‍රතිපලයක් ලෙස 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්විය. අප ගෙනගියේ මතවාදී සටනක් මිසක් එක් දේශපාලන පක්ෂයක් හෝ එක් පුද්ගලයෙකු රජ කිරීමේ සටනක් නොවන බව මතක් කල යුතුය. කිසිම දේශපාලන වේදීකාවකට අප මේ වන තෙක් ගොඩවී නැත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී වසර දෙකක් ගිය තැන, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීම සඳහා පත්කෙරෙන ජනාධිපති කාර්ය සාධක බලකායට නායකත්වය ලබා දෙන ලෙස රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්ද්‍රයන් වහන්සේට ආරාධනා කරන ලදි. වසර ගණනාවක සිට මෙ පිළිබඳව අත්දැකීම් ඇති උන්වහන්සේ එය බාර ගන්නා ලද්දේ සියලු දෙනාට නිදහසේ ජීවත් වීමට හැකි, වසර සියගනනකට මේ රටේ භුමි පුත්‍රයින්ට ආරක්ෂාව සැපයෙන ක්‍රමවේදයක් සැකසීමේ අරමුණිනි.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...