ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ ප්‍රවර්ධන හා උපද්‍රව වැලැක්වීමේ අමාත්‍යාංශයේ නියෝජිතයින් විසින් මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනකු රැවුල නොමැතිකම හේතුවෙන් අමාත්‍යාංශයට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර සෙසු සේවකයන්ට ද අමාත්‍යාංශයට ඇතුළුවීමට අවසර ලබාදී ඇත්තේ එම නියෝජිතයන් විසින් නිර්දේශ කරන ලද හිස්වැසුම් මිලදී ගෙන පැළඳීමෙන් පසුව පමණක් බව ද සදහන් වේ.
තලේබාන් හිතවාදි පුද්ගලයන්ද මෙම සිදුවීම් හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ ඉස්ලාම් ආගම කිසිවිටෙක මිනිසුන්ට රැවුල වැවීමට බල කර නැති බවයි.
මේ අතර, ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ ප්‍රවර්ධන හා උපද්‍රව වැලැක්වීමේ අමාත්‍යාංශය විසින් හිජාබ් නොපැළද කාන්තාවන්ට රාජ්‍ය ආයතන වෙත ඇතුළු වීමට ඉඩ නොදීමට මෙන්ම රජයේ සේවයේ නිරත පිරිමි සේවකයින්ට ෂරියා නීතියට අනුව ඔවුන්ගේ පෙනුම සකසා ගත යුතු බවට නියෝග කර තිබේ.