29 C
Colombo
Saturday, July 27, 2024

පාම් ඔයිල් සමාගම් නිසා රේගුවට රුපියල් කෝටි 613 ක් අහිමි වෙයි

- Advertisement -

මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
 
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා 2013-2016 අතර කාල පරිච්ඡේදය තුළ   නිවැරදි භාණ්ඩ සංයෝජිත වර් ගීකරණ අංක යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව  විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන්  පිරිසක් පැමිණි සිටියහ.
 
 
තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝප‍භෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය.
 
 
ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ  ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා  එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී  රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව  නිදහස් කරගැනීමෙන්  ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට  ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී  අනාවරණය කෙරිණී.
 
 
එම රැස්වීමට කෝපා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර , ශෙහාන් සේමසිංහ ,ප්‍රසන්න රණවීර  යන මහත්වරුන් ද ,මන්ත්‍රීවරයන් වන  තිස්ස අත්තනායක ,අශෝක අබේසිංහ , මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය හරිනි අමරසූරිය ,  වෛද්‍ය උපුල් ගලප්පත්ති ,එස්.ශ්‍රිධරන්, නිරෝෂන් පෙරේරා , ගාමිණී වලේබොඩ , ගුණපාල රත්නසේකර  සහ  වීරසුමන වීරසිංහ   යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

-Lankadeepa

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...