29 C
Colombo
Saturday, July 27, 2024

ඔලිම්පික් අතරතුර බලහත්කාරයෙන් ගෙදර යැවීම ප්‍රතික්ෂේප කළ බෙලරුසියානු ක්‍රීඩිකාව පෝලන්තයේ රැකවරණය ඉල්ලයි

- Advertisement -

ඔලිම්පික් උළෙල අතරතුර කණ්ඩයාමෙන් ඉවත් කර ආපසු සිය රටට හරවා යාමට දෙන ලද නියෝගය ප්‍රතික්ෂේප කළ බෙලරුසියානු ක්‍රීඩිකාව පෝලන්තයේ රැකවරණය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ නැවත බෙලරුසියාව වෙත පිටත් කර යැවීමට කටයුතු කළේ ක්‍රිස්ටිනා තිමනොව්ස්කා නැමති කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක් වේ.

තමාව පුහුණුකරුවන් විවේචනයකිරීම හේතුවෙන් බලහත්කාරයෙන් සිය රටට පිටමංකිරීම සඳහා ගුවන්තොටුපළ වෙත රැගෙන යාමට පහුගිය ඉරිදා දිනයේ තම කණ්ඩායමේ කළමණාකාරීත්වය කටයුතු කළ බව ඇය පවසයි.

එම රාත්‍රිය ඇය ජපන් පොලිසියේ ආරක්ෂාව යටතේ හෝටලයක නැවැත්වීමට ජපානය කටයුතු කර තිබුණි.

නැවත සිය රටට යාම සිය ජීවිතයට තර්ජනයක් බව ඇය පවසා තිබේ.

බෙලරුසියාව පවසන්නේ ඇගේ චිත්තාවේගී තත්ත්වය හේතුවෙන් ඇය කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

තොමනොව්ස්කා සඳුදා දිනයේ ජපානයේ පෝලන්ත තානාපති කාර්යාලයට ගොස් ඇති අතර ඇය එහි රැකවරණය පතන බව බෙලරූස් කණ්ඩායමට සහාය දක්වන ක්‍රීයාකාරීන් පිරිසක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෝවා නැවත වරයක් බලයට පත්වීම සම්බන්ධයෙන් විරෝධතා දක්වන අය අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වන අතර ඔවුන්ට එරෙහිව රජය දියත් කරන මර්දන අතරතුර ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීම සඳහා බෙලරුසියානු ක්‍රීඩක සහයෝගිතා පදනම ගිය වසරේ දී පිහිටුවා ගෙන තිබේ.

මෙම පදනම තිමනොව්ස්කාට සහාය වෙමින් ඇය පෝලන්තය වෙත යැවීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...