බෙලිඅත්ත සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.
එහිදී විනිසුරුවරයා නියෝග කරනු ලැබුවේ, අද (13) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් යළිත් පෙබරවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
තංගල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය මස 22 වැනිදායි.
එහිදී මෙම ඝාතනය සඳහා ආධාර අනුබල දුන් 14 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබුවා.