25 C
Colombo
Sunday, May 19, 2024

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

- Advertisement -

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් හමු වී තිබෙනවා.

එම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිවරිය සිය ‘X’ ගිනුමේ සටහනක් තබමින් සඳහන් කළේ, මෙය ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා මෙය වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.

“ඔවුන්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැකයි!” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් මෙම හමුව සිදු වන්නේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන අවසන් සංචිතය නම් කර නැති පසුබිමක වන අතර, නුදුරේ දී ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම එළඹෙන මැයි 14 වැනි දා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත අතර තරගාවලිය එළඹෙන ජුනි මාසයේ දී පැවැත් වෙනවා.

මෙම ලෝක කුසලාන තරගාවලිය මෙය එක්සත් ජනපදයේ පැවැත්වෙන පළමු ICC ඉසව්ව වන අතර එය එරට ස්ථාන තුනක දී පැවැත් වෙනු ඇති.

එම ස්ථාන වන්නේ නිව් යෝර්ක් හි ඉදිනව ආසන 34,000කින් සමන්විත NASSAU ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය (Nassau County International Stadium), ඩලස් හි ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රෑන්ඩ් ප්‍රයර් (Grand Prairie) ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ලෝඩර්හිල් හි බ්‍රොවාඩ් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගනය (Broward County Stadium) යි.

එහි දී නිව්යෝර්ක් නුවර තරග අටකට සත්කාරකත්වය දරන අතර අනෙක් ක්‍රීඩාංගණ දෙකේ තරග හතර බැගින් පැවැත් වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ සම සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ඇන්ටිගුවා හා බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් සහ ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ වැනි ප්‍රසිද්ධ ස්ථානවල තරග පැවැවෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...