29 C
Colombo
Saturday, July 27, 2024

සංචාරකයන්ට කටුනායක දොර අරින්න තීරණයක්..

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශ සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමට රජය කටයුතු කරමින් සිටීන බව වාර්තා වේ.


සෞඛ්‍ය අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් මගින් සැකසෙන ක්‍රමවේදයක් යටතේ මෙම විවෘත කිරීම් සිදුවන බව එම කමිටුවේ සාමාජික නිමේෂ් හේරත් මහතා ඬේලි මිරර් වෙබ් අඩවියට අද(7) පවසා ඇත.


නිශ්චිත ගමනාන්ත කල් තියා නම් කර සංචාරයට ඉඩ දීම හා හුදෙකලා නොකළ ප්‍රදේශවල සංචාරයට ඉඩ දීම යන ක්‍රම දෙකක් එහිදී සාකච්ඡාවට ගෙන ඇති නමුත් පළමු ක්‍රමයට ප්‍රමුඛතාවය දීමට කමිටුවේ අවධානය යොමුව ඇතැයි හේරත් මහතා පවසා තිබේ.


ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් පසු අනුගමනය කිරීම සඳහා වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කෙරෙන්නේ යැයි ද ඊට අදාළ කමිටු සාකච්ඡා අද(7) හා හෙට(8) දෙදින සිදුවන්නේ යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.


එහිදී සංචාරකයන් රටට ඇතු`ඵවීමට පැය 72 කට පෙරත් ඇතු`ඵ වන අවස්ථාවේදීත් පැමිණ දින හතකට පසුත් පී.සී.ආර් පරීක්ෂාවක් කළ යුතු අතර එසේ පැමිණෙන සංචාරකයන් අවම වශයෙන් දින 14ක් රට තුළ රැඳී සිටිය යුතුවේ.


නිශ්චිතව තෝරාගත් පෙදෙස්වල විදේශිකයන්ට සංචාරයට ඉඩදීමේ ක්‍රමය දැනටමත් ඇතැම් රටවල් අනුගමනය කරමින් සිටීන අතර ඒ යටතේ සිදුවන්නේ ද්විපාර්ශ්වික එකඟතා මත අදාළ ගමනාන්ත පිළිබඳව තීරණ ගැනීමය.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...