32 C
Colombo
Sunday, June 4, 2023

එන්නත ලබා ගන්නා ඇමරිකානුවන්ට බයිඩන් රජයෙන් බියර්,ටිකට්,සල්ලි,ඩෝනට් මෙන්ම වැටුප් සහිත නිවාඩුත් ලබා දෙයි

- Advertisement -

කොවිඩ්-19 එන්නත්කරණය සඳහා ඇමරිකානුවන් දිරි ගැන්වීම සඳහා ජෝ බයිඩන්ගේ රජය විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව වාර්තා වෙයි.

එන්නත් ලබා ගන්නන් සඳහා ක්‍රීඩා තරඟ සඳහා ප්‍රවේශ පත්‍රවල සිට නොමිලේ බියර් දක්වා විවිධ දේ ලබා දීමට ඇමරිකානු රජය ඒ අනුව කටයුතු කර තිබේ.

විශේෂයෙන් ජුලි 04 වෙනිදායින් එළැඹෙන් නිවාඩු සමයට පෙර තවත් ඇමරිකානුවන් එන්නත ලබා ගැනීමට යොමු කිරීම රජයේ අරමුණ වී ඇතැයි පැවසේ.

ඒ වෙනුවෙන් ක්‍රියාකාරී මාසයක් ප්‍රකාශයට පත් කිරීමට ද බයිඩන්ගේ රජය මේ වන විට කටයුතු කර තිබේ.

ඒ වෙනුවෙන් දිරි ගැන්වීම සඳහා ආකර්ශනීයපියවරයන් ලෙස බියර්,ප්‍රවේශ පත්‍ර මෙන්ම මුදල් ද ලබා දීමට කටයුතු කර ඇත.

එළඹෙන නිදහස් දිනය වන විට වැඩිහිටි ප්‍රජාවගෙන් 70%ක් පමණ එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය රජය හඹා යන ප්‍රධාන ඉලක්කයන්ගෙන් එකක් විය.

මත්පැන් පානයෙන් වැළකී සිටින ඇමරිකානු ජනාධිපතිවරයා මෙම වැඩසටහන ප්‍රවර්ධනය කරමින් එන්නත මාත්‍රාවක් ලබාගෙන බියර් එකක් පානය කරන්න යැයි පවසා තිබේ.

එමෙන්ම රජය මේරිලන්ඩ් හි කළු ජාතිකයන්ට අයත් බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර දහසකට අධික සංඛ්‍යාවක දී එන්නත පිළිබඳ දැනුම සහ එන්නත් මාත්‍රා ලබා දෙමින් සාර්ථක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ.

බියර්,ප්‍රවේශපත්‍ර,මුදල්වලට අමතරව ඇතැම් ප්‍රාන්තවල එන්නත් ලබා ගන්නන් සඳහා ඩෝනට් වැනි කෙටි ආහාර ලබා දීම මෙන්ම වැටුප් සහිත නිවාඩු ලබා දීම යන විවිධ දීමනා ලබා දීමට කටයුතු කරඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...