31 C
Colombo
Saturday, July 27, 2024

ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

- Advertisement -

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් පසුව තවත් ශක්තිමත් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි.

මෙම හමුව සනිටුහන් කරමින් චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි සිය අත්සනද තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන අය මෙම ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...