29 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 දෙනෙකු මරුට

- Advertisement -

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බවයි.

එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කඩා වැටී ඇති අතර වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වනවා.

අදාළ දැන්වීම් පුවරුව නීත්‍යානුකූළ අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහාරාෂ්ට ප්‍රධාන අමාත්‍යවරයා විසින් නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...