27 C
Colombo
Wednesday, April 23, 2025

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

- Advertisement -

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ මෙම මරණ වාර්තා වන බව ප්‍රදේශවාසීන්ගේ සහ පරිසරවේදීන් සඳහන් කරනවා.

මෙම ප්‍රදේශ තුළ සංක්‍රමණික පක්ෂීන් රංචු නිදහසේ ජීවත් වනවා.

මෙම ප්‍රදේශයට කර්මාන්ත ශාලාවකින් අනවසරයෙන් රසායනික අපද්‍රව්‍ය බැහැර කරන බව සඳහන්.

ඒ හේතුවෙන් මෙලෙස කුරුල්ලන් සහ මසුන් මිය යෑමට හේතු වී ඇති බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මේ අතර මසුන්ගේ සහ පක්ෂීන්ගේ නිදර්ශක මරණයට හේතුව තීරණය කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශේෂ පශු වෛද්‍ය ඒකකයට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි ප්‍රතිඵල මේ දක්වා ලැබී නොමැති බව වන සංරක්‍ෂක ඩබ්ලිව්.එල්. උපනන්ද මහතා කියා සිටියා.

කෙසේ වෙතත් ඇල්ගී ඉවත් කිරීම නොසළකා හැරීම හේතුවෙන් ජල මාර්ග අපවිත්‍ර වී ඇති බව ජලජ සංස්කෘතික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළා.

මෙම මරණවලට එය හේතුවක් විය හැකි බව ඔවුන්ගේ මතය වනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES