29 C
Colombo
Saturday, July 27, 2024

බෝගම්බර බන්ධනාගාරය කාන්තා රැදවියන්ට පමණයි

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය, කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (06) දිනයේ එම බන්ධනාගාරයට කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ කොවිඩ් රෝගී කාන්තා රැඳවියන් 663 දෙනෙකු නැවත පැමිණ තිබෙනවා.

එසේම එම බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පිරිමි රැඳවියන් 322 ක් අලිමංකඩ යුද හමුදා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ මැගසින් බන්ධනාගාරයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම බෝගම්බර බන්ධනාගාරයේ සේවා කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ අච්චු රැඳවියන් 36 දෙනෙකු නැවතත් පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...