31 C
Colombo
Saturday, July 27, 2024

Breaking: ‍අරගලයට සහය දෙමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්..!

- Advertisement -

රට තුල අර්බුදයක් ඇතිව ඇති අවස්ථාවක රජය විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගනිමින් රජය ස්ථාවර කරගැනීමේ උත්සහයක යෙදී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ, ගාලු මුවදොර පිටියේ ‘ගෝටා ගෝ ගම්මානයේ’ පිහිටුවා ඇති ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මීට සුළු මොහොතකට පෙරෙ මාධ්‍ය අමතමින්.

මීට එරෙහි වෙමින් සහ ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සහය දක්වමින් සියලුම රාජ්‍ය සේවකයන් ලබන 20වනදා ජාතික විරෝධතා දිනයක් නම් කර කළු පැහැයෙන් සැරසී රාජකාරිය වෙත පැමිණෙන බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම, ජන හඬට සවන් නොදී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දිගින් දිගටම රැඳී සිටීමට උත්සහ කළහොත් අප්‍රේල් මස 28වනදා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බවත් ඔහු පවසනවා.

මෙම අවස්ථාවට වෘත්තීය සමිති නායකයන් රැසක් සහභාගීව සිටියා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...