30 C
Colombo
Friday, May 17, 2024

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයද උසුලා තිබුණා.

නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් ද වනවා.

1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා.

ඔහු 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් වූ අතර 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධියද හිමිකරගෙන තිබෙනවා.

ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකිද පළ කර තිබුණා.

ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිමේ ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී මගේ ලෝකය ග්‍රන්ථය රචනා කළා.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...