31 C
Colombo
Monday, March 4, 2024

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව චීනයට එරෙහිව යෝජනාවක් සම්මත කරයි

- Advertisement -

චීනයේ බීජිංහි 2022 වර්ෂයේදී පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් උ⁣ළෙල වර්ජනය කිරීමට අදාළ යෝජනාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

ඒ අනුව චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ජනවර්ගය කේන්ද්‍ර කරගෙන සිදුකරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය නොකරන්නේ නම් අදාළ උළෙලට බ්‍රිතාන්‍යයේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු සම්බන්ධ නොවනු ඇති බව සදහන් වේ.

අදළ යෝජනාව පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක්වූ බ්‍රිතාන්‍යය මන්ත්‍රීවරුන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ චීනයට එරෙහිව කටයුතු කිරීම දැඩි කිරීමට රජය පියවර ගත යුතු බවයි.

චීනය සහ බ්‍රිතාන්‍යය අතර මේ වනවිට උද්ගතව ඇති උණුසුම් දේශපාලන වාතාවරණය හේතුවෙන් දෙපාර්ශවයම එකිනෙකාට එරෙහිව විවිධ තීන්දු තීරණ ගනිමින් සිටියි.

පසුගියදා චීනය විසින් බ්‍රිතාන්‍යයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...