33 C
Colombo
Friday, May 3, 2024

විකාශන අධිකාරී පනත් කෙටුම්පත: මම දැක්කේ නෑ..! – මහින්ද

- Advertisement -

විකාශන අධිකාරී පනත් කෙටුම්පත තමා නොදුටු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ, පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි” යැයි හිටපු ජනාධිපතිවරයා පවසනවා.

“අපි දැක්කේ නෑ තාම. තාම නෑනේ, දැන් ඉතින් නිදහස් මාධ්‍යක් නේ තියෙන්නේ නේද?”යැයි එහිදී විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පවසා සිටියා.

මේ අතර, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා බව පවසමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර තිබුණා. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මෙම කමිටුවේ සෙසු සාමාජිකන් වනවා.

එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සලකා බලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණය වූ බවයි පැවසෙන්නේ.

එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන් ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන රූපවාහිනී සහ ගුවන්විදුලි යන සියලුම මාධ්‍ය ආයතනය නියෝජනය වන පරිදි සියළුම විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාමර අංක 08හි පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේ දී අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයන් ගේ අදහස් හා යෝජනා හුවමාරු කරගන්නා ලද නමුත් එම සාකච්ඡාවේ දී ඔවුන් විසින් ඉල්ලා සිටියේ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීමට අනුව සිංහල පිටපතක් ලබා දීමට, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනත්, කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟ විය. අනතුරුව විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් පවසන ලද්දේ පනත් කෙටුම්පත පිළිබඳව වැඩිදුර සොයාබලා පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විකාශන අධිකාරී අවසන් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බවයි.

2023 ජුනි මස 07වන දින පැවැති මෙම සැකච්ඡාව සඳහා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා සහ අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම් (සංවර්ධන), අතිරේක ලේකම් (සැලසුම් හා තොරතුරු), අධ්‍යක්ෂ (සංවර්ධන), නීති නිලධාරී සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කෙටුම්පත් සම්පාදිකා යන නිලධාරින් ද සහභාගී වූ බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...