ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූ බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කෙසේ නමුත් ඔහු සඳහන් කළ සමස්ත කතාවේ හරයෙහි කිසිදු වරදක් නොමැති බවත් පක්ෂයක් ලෙස ජනතාවට බලය බෙදීම සම්බන්ධයෙන් වන පොදු ප්‍රතිපත්තියක සිට ජාතික ජනබලවේගය කටයුතු කරන බවත් නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනවා.
නලින්ද ජයතිස්ස මහතා වැඩිදරටත් සදහන් කරන්නේ මේ ආකාරයෙන් ජාතික ජනබලවේගයේ කථිකයින් සිදුකරන අදහස් දැක්වීම්වල කරුණු විකෘති කරමින් ආණ්ඩුව සහ විපක්ෂය හැසිරෙමින් සිටින්නේ ඔවුන් හමුවේ ඇති නියත පරාජය හමුවේ බවයි.
මෙවර මැයි දිනයේදී කාල් මාක්ස්, ලෙනින් සහ රෝහණ විජේවීර මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන්ද අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු විසින් අදහස් දක්වා තිබෙනවා.
ඊට අදාළ දර්ශන පහතින්,