29.7 C
Colombo
Tuesday, April 23, 2024

Update : ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

- Advertisement -

2020 දෙසැම්බර් 03පෙ.ව.7.47

ඉදිරි පැය 24ක කාල සීමාවේ කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරිය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.


බුරවි එන්නටත් පෙර තමිල්නාඩුවට මහ වැසි

2020 දෙසැම්බර් 03පෙ.ව.7.18

බුරවි සුළි කුණාටුව ඉන්දියාව දෙසට ළඟාවීමට පෙරම තමිල්නාඩුවේ ඇතැම් ප්‍රදේශවලට මහ වැසි ඇද හැලීමට පටං ගෙන ඇතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.


තවම ලොකු හානියක් නෑ

2020 දෙසැම්බර් 03පෙ.ව.7.00

බුරවි සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් බරපතල හානි කිසිවක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. ඇතැම් ප්‍රදේශවල මංමාවත්වලට ගස් කඩා වැටීම් සහ විදුලිය බිඳවැටීම් ගැන වාර්තා වූ බව ද එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.


උතුරු, වයඹ, බටහිර මුහුද රළු වෙයි

2020 දෙසැම්බර් 03පෙ.ව.6.40

දිවයිනට උතුරු, වයඹ, ඊසාන සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ රළු වන බවත්, ඇතැම් අවස්ථාවල ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් අතර

2020 දෙසැම්බර් 03පෙ.ව.6.30

බුරවී සුළි කුණාටුවත් සමඟ හමන සුළඟ මේ වන විට පැයට කිලෝමීටර 70ත් 80ත් අතර දැනට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය ඇතැම් විට පැයට කිලෝමීටර 90 දක්වා වැඩි විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


බුරවී අද උදෑසන මන්නාරම් බොක්කට

2020 දෙසැම්බර් 03පෙ.ව.6.00

ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට ඇතුළු වූ බුරවී සුළි කුණාටුව අද උදය වරුව වන විට මන්නාම් බොක්ක වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම 4.30ට රතු නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මෙය ඊයේ රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ ඊසාන දින වෙරළේ තිරියායි සහ කුච්චවේලි අතරින් රටට ඇතුළු විය.


සුළ‌ඟේ වේගය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

2020 නොවැම්බර් 02 ප.ව.10.30

සුළි කුණාටුව සමඟ සුළ‌ඟේ වේගය පැයට කිලෝමීටර 100 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද රාත්‍රී 10.00ට නිකුත් කළ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයේ සඳහන්වේ. තාවකාලික නිවාස සහ ඉදි කිරීම්වලට හානි වීම, වහලවල ඇති තහඩු, උළු ආදිය ගැලවී යාම, විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවීම, ගස්වල අතු කඩා වැටීම, මාර්ග අසල විශාල ගස් ගැලවී යාම, වගාබිම්වලට හානි සිදුවීම, වරාය ආශ්‍රිතව නවතා ඇති යාත්‍රාවලට හානි සිදුවීම, ක්ෂණික ගංවතුර තත්ත්වයන් ආදිය සුළඟේ වැඩි වේගය සහ අධික වර්ෂාවත් සමඟ සිදු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


බුරවි මුලතිව් සිට මන්නාරම දෙසට

2020 දෙසැම්බර් 02 ප.ව.9.46

බුරවි සුළි කුණාටුව පේදුරුතුඩුව සහ ත්‍රිකුණාමලය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළු වී මුලතිව් හරහා මන්නාරම දෙසට ඇදෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බුරවි ලංකාවේ වෙරළට ඇතුළු වෙයි

2020 දෙසැම්බර් 02 ප.ව.8.54

බුරුවි සුළි කුණාටුව ශ්‍රී ලංකා වෙරළට ඇතුළු වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


උතුරේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටේ

2020 දෙසැම්බර් 02ප.ව.8.40

පැය කිහිපයක සිට ඇද හැළෙන වර්ෂාවත් සමඟ උතුරේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳවැටීමේ සිදුවීම් වාර්තාවේ.


බුරවි රාත්‍රී 8.30ට ලංකාවට ; ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්

2020 දෙසැම්බර් 02 ප.ව.7.35

බුරවි සුළි කුණාටුව අද රාත්‍රී 8.30ට ශ්‍රී ලංකාවට ඇතුළුවනු ඇති බවට චෙන්නායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇතැයි චෙන්නායි මාධ්‍ය වාර්තා කරයි.


ඉදිරි පැය දෙක ඇතුළත බුරවි රට ඇතුළට

2020 දෙසැම්බර් 02 ප.ව.7.15

ඉදිරි පැය දෙක ඇතුළද දී බුරවි සුළි කුණාටුව පේදුරුතුඩුව සහ ත්‍රිකුණාමලය අතර මුලතිව්වලට උතුරින් ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පුත්තලම කලාපයේ පාසල් හෙට වහයි

2020 දෙසැම්බර් 02 ප.ව.6.57

බුරවි සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට නිවාඩු දිනයක් සේ සලකන බව අධ්‍යාපන බලධාරීහු කියති.


උතුරට නැගෙනහිරට දැඩි සීතලක්

2020 දෙසැම්බර් 02ප.ව.6.55

උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක දැඩි සීතල කාලගුණයක් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික් ගණනාවකට මෙම තත්ත්වය බලපා තිබේ.


මුලතිව් ප්‍රදේශවලට තද සුළං

2020 දෙසැම්බර් 02ප.ව.6.45

මුලතිව් ප්‍රදේශයට තද සුළං තත්ත්වයක් ආරම්භ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මේ වන විට සුළඟේ වේගය පැයට කිලෝමීටර 120ක් තරම් වේගවත් බවට නිල නොවන වාර්තා සඳහන් කළත් ඒ බව නිල මූලාශ්‍රවලින් මෙතෙක් සනාථ කර නැත.


බුරවි තවල් ළංවේ ; ත්‍රිකුණාමලයට කිලෝමීටර 140යි

2020 දෙසැම්බර් 02ප.ව.6.25

බුරවි සුලි කුණාටුව අද දහවල් වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 140ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථාන ගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඔවුන් මේ බව කියනුයේ අලුත්ම රතු නිවේදනය නිකුත් කරමිනි. රාත්‍රී 7ත් 10ත් අතරතුර එය ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතින්වලට ආසන්නයෙන් දිවයිනට ඇතුළු වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව අනුමාන කරයි.


ත්‍රිකුණාමලයයේ පුද්ගලයින් 75,000ක් ඉවත් කරයි

2020 දෙසැම්බර් 02ප.ව.4.50

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75,000ක්, මධ්‍යස්ථාන 237ක් වෙත ඉවත් කිරීමේ කටයුතු ඇරඹෙයි. – දිස්ත්‍රික් ලේකම්


කිලිනොච්චියේ නිවාස කිහිපයකට හානි

2020 දෙසැම්බර් 02ප.ව.4.21

සුළි කුණාටුව රටට ඇතුළු වීමටත් පෙර අද දමවල් කිලිනොච්චි ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදු නී තිබේ.


කිලිනොච්චියට ත්‍රිකුණාමලයට වැසි සමඟ තද සුළං

2020 දෙසැම්බර් 02ප.ව.3.45

කිලිනොච්චිය ප්‍රදේශයට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයට පැය කිහිපයක් තිස්සේ අධික වැසි සමඟ තද සුළං පවතින බව ප්‍රදේශවාසීහු කියති.


බුරවි එද්දී වෙරළාසන්න පහත්බිම් යට විය හැකියි

2020 දෙසැම්බර් 02ප.ව.3.15

බුරවි සුළි කුණාටුව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 2.30ට යලිත් වරක් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රථ උදම් රළ මට්ටමට වඩා මීටර 01ක් පමණ ඉහළ යා හැකි බවත්, වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවත් කාලගුණ විදයා දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් සඳහන් කරයි.


මුහුද දැන්මම රළු වෙයි

2020 දෙසැම්බර් 02ප.ව.2.24

ප්‍රදේශ කිහිපයක මුහුද රළුවී ඇති බවත්, ඇතැම් පැතිවල වෙරළ ඉක්මවා මුහුදුු රළ පැමිණෙන බවත් උතුරු නැගෙනහිර ප්‍රාදේශ කිහිපයක ජනතාව පවසති.

photo by Dilaxan
photo by Dilaxan


හානිය අවම කරන්න නිලධාරීන් සූදානමින් – ආරක්ෂක ලේකම්

2020 දෙසැම්බර් 02ප.ව.2.19

සුළි කුණාටුවෙන් ඇති විය හැකි හානි අවම කිරීමට සහ කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට රජයේ සියලු අංශ සූදානමින් සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියයි.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් හමුදාව, පොලිසිය, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ඔහු පවසයි.


සුළි කුණාටුවට මුහුණ දෙන්න හමුදා කණ්ඩායම් තුනකුත්

2020 දෙසැම්බර් 02ප.ව.2.00

බුරේවි සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට සහාය දැක්වීමට හමුදා කණ්ඩ තුනක් සූදානම්ව සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියයි.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ නිරත්නතරයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බව ද ඔහු කිියයි.


ත්‍රිකුණාමලයේ පවුල් රැසක් ආරක්ෂිත ස්ථානවලට

2020 දෙසැම්බර් 02ප.ව.1.30

සුළි කුණාටුව රටට ඇතුළු වීමට පෙර ත්‍රිකුණාමලයේ පවුල් රැසක් අවධානම් ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය කියයි. මේ වන විටත් සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක් ඉවත් කර තිබේ.


බුරවි නිසා උතුරේ පාසල් දින දෙකකට වහයි

2020 දෙසැම්බර් 02ප.ව.12.30

බුරවි සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ පාසල් හෙට සහ අනිද්දා වසා තැබීමට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර තිබේ.


සුළි කුණාටුව අද රාත්‍රී 07ත් 10ත් අතර රටට ඇතුළට

2020 දෙසැම්බර් 02ප.ව.12.15

බුරවී සුළි කුණාටුව අද රාත්‍රී 07ත් – 10ත් අතර කාලයේ දී ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතින්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකටය පෙර නිවේදනය කළේය.


බුරවි ත්‍රිකුණාමලයට කිලෝමීටර 200ක් දුරින්

2020 දෙසැම්බර් 02ප.ව.12.05

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘බුරවී’ සුළි කුණාටුව අද (දෙසැම්බර් 02) පෙරවරු 08.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 200ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.6ත් නැගෙනහිර දේශාංෂ 83.0ත් ආසන්නව ස්ථාන ගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළේය.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...