29 C
Colombo
Wednesday, March 29, 2023

කොවිඩ් මළසිරුරු සුදුසු පරිදි භූමිදානය කරන්න – අමරපුර හා රාමඤ්ඤ නිකාය

- Advertisement -

කොවිඩ් 19 ආසාදනයවීම හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කිරීම අත්‍යාව්‍ය බවට සදහන් කරමින් 2020 අප්‍රේල් මස 11 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලද්දේ ඒ මොහොතේ තිබූ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස බැවින් මාස 8 කට පසුව පවත්නා තත්ත්වය යටතේ සිදුකර ඇති පර්යේෂණ අනුව සිරුරු භූමිදානය නොකර ආදාහනය කිරීම සාධාරණ නොවන බවට ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ යම් කොන්දේසිවලට යටත්ව හෝ මේ අවස්ථාවේදී ඒ ඒ ආගමික විශ්වාසයන් මත පදනම්ව කොවිඩ් මරණ භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීමට ඉඩදිය යුතු බවයි.
ඒ අනුව කල්පවත්නා අපාරගම්‍ය ද්‍රව්‍යවලින් සාදන ලද මුද්‍රා තැබූ මිනී පෙට්ටි, නිශ්චිත මුස්ලිම් සුසාන භූමි තුළ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් හෝ පෙර සැකසූ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් යන ක්‍රියාමාර්ග ගත හැකි බවයි.
ඒ සම්බන්දයෙන් සොයාබැලීමට භූවිද්‍යා හා වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන්ගෙන් හා ඒ හා දැනුමැති වෛද්‍යවරුන්ගෙන්ද, ආගමික නායකයන්ද ඇතුළු කමිටුවක් පත් කිරීමට නොපමාව කටයුතු කරන ලෙසටද අදාල නිවේදනයෙන් රජයට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබදතා අනුකමිටුව නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ භූමිදානයට ඉඩ නොදීම යන කරුණ පදනම් කරගෙන රජය අපහසුතාවට පත් කරලීමට හා රට තුළ ඉස්ලාම් භක්තිකයන් තුළ නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩහසර ඇතිබවට තම සංඝ සභාවට පෙනීයන බැවින් අදාළ කරුණු මෙලෙස ඉදිරිපත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...