පෞද්ගලික බස්රථ සේවකයින් හට කොවිඩ් එන්නත සති 02ක් ඇතුළත නොලැබුණහොත් අනිවාර්යෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
කොළඹදී ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.
ඒ අනුව ගැමුණු විජේරත්න මහතා පවසන්නේ එන්නත ලබාදීම ප්‍රමාද කළහොත් බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව සේවක මහතුන් දැනටමත් දැනුම් දී ඇති බවත් සිය සංගමය ඊට පූර්ණ සහය දක්වන බවත්ය.