ඉන්දියාවේ පැතිර යන දරුණු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියානුවන්ට යුරෝපා රටවලට ඇතුළුවීම මේ වනවිටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
මේ හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කර යුරෝපා රටවල් වෙත සංචාරය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.
අද ඉන්දියාවේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඉන්දියානුවන්ට නිරෝධායනය සඳහා මෙරටට ඇතුළු වීමට ඉඩ දීම නිසා රටේ මේ වන විට ඇතිව තිබෙන අවදානම් තත්ත්වය තව තවත් උග්‍රවන බැවින් මෙම වැඩපිළිවෙළ පිළිබඳව රජයේ අවධානය වහාම යොමු විය යුතු බවයි උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.
මේ අතර මෙරටදී නිරෝධායනය වන ලෙසට සදහන්වන ව්‍යාපාරයන් මේ වන විටත් ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව අදාල සමාගම් විසින් ඉන්දියානුවන්ට විශේෂ වට්ටම් ලබාදෙන අතර රාත්‍රි 13 ක් සඳහා වේල් තුනම ආහාර සහිතව තරු තුනේ හෝටලයක නිරෝධායනවීම සඳහා ඉන්දියානුවන්ට ආරාධනා කෙරෙන දැන්වීම් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ ඉන්දියානු රෝගීන් මෙරටට ගෙන්වාගැනීමෙන් ලංකාවත් ඉන්දියාවක් බවට පත්වීමේ අවධානම මග හැරිය නොහැකි බවයි.