හොරණ – අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කළ බව හොරණ මූලස්ථාන පොලීසිය පවසනවා.
බේරුවල ධීවර වරායේ සිට හඳපාන්ගොඩ දක්වා මාළු රැගෙන එමින් සිටි ඩිමෝ බට්ටා රථය සහ අඟුරුවාතොට – වරකාගොඩ ප්‍රදේශයට යමින් සිටි පුද්ගලික වාහනයක් මෙලෙස එකිනෙක ගැටී අනතුරට පත්ව තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේ මාලු ලොරියේ ඉදිරි අසුනේ රියදුරු ඇතුළුව තිදෙනකු ගමන් කර ඇති අතර, ඔවුන් තිදෙනාම තුවාල ලබා මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මාළු රැගෙන පැමිණි ඩිමෝරථයේ රියදුරට නින්ද යාම නිසා පාරෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි කැබ් රථයේ ගැටී මෙම අනතුරු සිදුවන්නට ඇති බව හොරණ පොලිසියේ රථවාහන අංශය පවසනවා.