24 C
Colombo
Thursday, February 20, 2025

වෙසක් සතියේ බාර් වහන්න කැබිනට් අනුමැතිය

- Advertisement -

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 (2024) සඳහා වන රාජ්‍ය වෙසක් මහෝත්සවය, මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කරමින්, ‘අත්තනොව අවෙක්ඛය්‍ය කතාහි අකතානි ච (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු)’ යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමවත්, මැයි මස 22, 23 හා 24 යන දිනයන්හි සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසැල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වසා තැබීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES