31 C
Colombo
Monday, March 4, 2024

වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

- Advertisement -

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් “ශ්‍රී ලංකා ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ 2021 වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබූ ” “ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය” ස්ථාපනය කිරීමට අදාළව හිමිව තිබූ අනුමැතියට සංශෝධන වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

ඒ අනුව, අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති මෙහෙයුම් කමිටුවට එම ආයතනය ස්ථාපිත කිරීමට අදාළව පිළියෙල කර ඇති දළ කෙටුම්පත මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මඟින් පනත් කෙටුම්පත් සකස් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...